රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් රට වැසීම පිළිබඳ සිදු කෙරෙන ඉල්ලීම් පිළිබඳව විමසූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ද ඊට තම අදහස් දක්වමින් කියා සිටියේ, රට සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමෙන් ස්ථිර ලෙස රැකියා නොකරන එදිනෙදා දිවි සරි කරගන්නා බොහෝ පිරිසක් විශාල ගැටලුවකට මුහුණ පාන බවත්, එහෙත් වසංගතය පැතිරීමත් පාලනය කරගනිමින් මෙරට ආර්ථිකය ද අකර්මණ්‍ය වීම වළක්වමින් කටයුතු කළ යුතු වන නිසාත් සංචරණ සීමා දැඩි කරමින්, පාසල් වසා දමමින් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත්, මේ වන විට ජනතාව ස්වයං සංචරණ සීමා පනවාගෙන තිබෙනු දක්නට ලැබෙන බවත් කියා සිටියේය.
එමෙන්ම, වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කිරීමට කටයුතු කිරිමට රජය දැඩි පරිශ්‍රමයක් දරණ බවත්, එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වන නමුත් තවමත් බොහෝ පුද්ගලයින් එන්නත් ලබා නොගෙන තිබෙනු බව දක්නට ලැබෙන බවත් ප්‍රකාශ කළ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, කොරෝනා රෝගය වැළඳී ජිවිත අහිමි වන බොහෝ පිරිස් එන්නත් ලබා ගෙන නොමැති පුද්ගලයින් බව දක්නට ලැබෙන බවත්, වගකීම් සහිත පුරවැසියන් වශයෙන් එන්නත් ලබා ගනිමින් වටිනා ජිවිත අහිමි වීම වළක්වාගැනීමට සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.