ඉන් අනතුරුව, අභිනව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ නික්ම යන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යන දෙපලම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය හමු වූහ.
උත්සව සභාව ඇමතූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ, වසර හයකට පසු නැවත මෙම අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි. ගතවූ වසර දෙක තුළ දී විදේශ අමාත්‍යාංශයට ලබා දුන් නායකත්වය වෙනුවෙන් නික්ම යන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අගය කළ එතුමා, විදේශ අමාත්‍යාංශයේ සියලු කටයුතුවල දී, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ආවේනික ආත්ම ගෞරවය හා කීර්තිය අනතුරට පත් නොවන බවට සහතික වූ බව පැවසීය.
කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නව අමාත්‍යවරයා පිළිගනිමින්, එතුමාගේ මඟ පෙන්වීම යටතේ විදේශ අමාත්‍යාංශයේ වරම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළහ. පසුගිය වසර දෙක තුළදී, නික්ම යන අමාත්‍යවරයා විසින් ලබා දුන් දූරදර්ශී නායකත්වය සහ මඟ පෙන්වීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා සහ ලේකම් කොළඹගේ මහතා යන දෙපලම ස්තූති කළහ.
මේ අවස්ථාවට, නික්ම යන විදේශ කටයුතු අමාත්‍ය සහ නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා, සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වුහ.
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මෙම අවස්ථාවේ දී ආශීර්වාද කළහ.
විදේශ අමාත්‍යාංශය- කොළඹ