පවතින වසංගත තත්වය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර වැසීම සිදු කරන්නනේනම් ඒ පිළිබඳව ප්‍රදේශයේ ප්‍රදේශිය ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතනය දැනුවත් කර ජන ජිවිතය බාධාවකින් තොරව පවත්වාගන යාම සඳහා වැඩපිළිවෙලක් සැකසීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
යම් නගරයක් වසන්නට පෙර ප්‍රදේශයේ තොග වෙළදාම අඛණ්ඩව පවත්වාගන යාම සහ ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ජංගම රථවලින් අලෙවි කිරීමට අදාල වැඩපිළිවෙලක් සැකසීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් අද (19) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පැවසීය.
එක් නගරයක් වසා ඇති අවස්ථාවක තවත් නගරයක් විවෘතව පැවතිමේදි විවෘතව පවතින නගරය වෙත වැඩි ජනතාවක් පැමිණිම පවතින වසංගත තත්වය වර්ධනය කිරීමටද හේතු විය හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදි පෙන්වා දුන්නේය
දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - නුවරඑළිය