ප්‍රජාවගේ සෞඛ්‍යසම්පන්න නීරෝගී පැවැත්ම උදෙසා රඹුක්කන පින්නවල සංචාරක කලාපය කේන්ද්‍රකරගනිමින් මාඔයට සමාන්තරව ඉදිවන ඇවිදින මංතීරු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු (19) දින වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
රුපියල් මිලියන 45 ක පිරිවැයකින් ඉදිවන මෙම ව්‍යාපෘතිය 'නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය' මගින් ක්‍රියාවට නංවයි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට පාත්‍ර වූ පින්නවල අලි අනාථාගාරය සහ පින්නවල සත්වෝද්යානය කේන්ද්‍ර කරගත් සංචාරක කලාපයට ආසන්නව මෙම ඇවිදින මංතීරුව ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම ආරක්ෂාව වන අතර සොබා සෞන්දර්යය ඔප්නංවන සංචාරක පාරාදීසයක් ලෙස එම ප්‍රදේශය තවදුරටත් සංචාරක ආකර්ශනයට ලක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්වූහ