මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරගෙන තිබෙන අතර සාම්ප්‍රදායික හා ගෘහ ආශ්‍රිත කර්මාන්ත, කෘෂිකාර්මික නිෂ්පාදන, සත්ව පාලනය, ධීවර අංශය සහ අනිකුත් නිෂ්පාදන ආශ්‍රිත අගය එකතු කිරීමේ ව්‍යාපෘති සහ සේවා සඳහාත් මෙම වැඩසටහනට සම්බන්ධ විය හැක.
මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් සලකා බලන්නේ ග්‍රාමීය වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම වන බවත්, මෙමගින් තෝරාගත් ව්‍යාපෘති සඳහා එම අමාත්‍යංශ මගින් තොරතුරු විමසා බලා ශක්තිමත් කිරීමට ද පියවර ගන්නා බවත් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා, අද වන විට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ අහිමි වන නිසා බොහෝ අය ආර්ථික වශයෙන් මෙම වැඩසටහන් මගින් ශක්තිමත් වීමට අකමැති වන බව ද ප්‍රකාශ කරන ලදුව, “සමෘද්ධි අරුණලු” හරහා එම ප්‍රතිලාභ ප්‍රතිලාභීන් ගෙන් කිසිසේත් ඉවත් කිරීමක් සිදු නොකරන බව ද ප්‍රකාශ කළේය.
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ජනතාව අතරේ මුදල් බෙදී යන, ජනතාවට අදායම් උත්පාදනය කරන්නට හැකි ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට වත්මන් මුදල් අමාත්‍යවරයා විසින් උපදසේ ලබා දී ඇති බව ද, එහෙත් එමඟින් රජය විසින් සිදු කරන පුනරාවර්තන වියදම් කපා හැරීමක් සිදු නොකරන බවද පවසා සිටි හෙතෙම වර්තමාන රජය විසින් ඉලක්කයක් සහ ඉදිරි දැක්මක් සහිතව යන ගමනේ දී මෙරට සෑම පවුලක්ම අදායම් උත්පාදනය කිරීම සෞභාග්‍ය දැක්ම තුළ අන්තරගතය වන බව අවධාරණය කළේය.
ඒ පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති නිසා ඊට මුලිකවත්වය ගෙන කටයුතු කිරීම අවශ්‍යව ඇති නිසා මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව හෙතෙම ප්‍රකාශ කරන අතරම දැනට රජය විසින් ලබා දෙන සුභසාධන වියදම් කිසිසේත් කප්පාදු නොකරන බව ද මෙහි දී ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, අද වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා සමෘද්ධි නිළධාරීන් විසින් ප්‍රතිලාභීන් තෝරා ගෙන තිබෙන අතර ඉදිරියේදී ද තවත් ප්‍රතිලාභීන් රැසක් ග්‍රාමීය මට්ටමින් තෝරා ගැනීමට නියමිතව තිබේ.
එමෙන්ම, මෙම තෝරාගත් එක් පවුලක් සඳහා රුපියල් පනස් දහසේ සිට ලක්ෂය දක්වා මුදල් ආධාර මෙන්ම ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ද මෙමඟින් සලසා දෙනු ලබන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් සහභාගී විය.