රටේ දැනට පවතින වසංගතය පාලනය කිරිම සදහා මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇතත් සංවර්ධන ව්‍යාපෘතීන්වල සේවය කරන සියලු සේවකයන්ට තමන්ගේ රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර බාධාවකින් තොරව තමන්ගේ සේවා ස්ථානයට පැමිණීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරිම්, නව කැළණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරිම්, ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය, කිලෝමීටර් 100,000ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යනාදී සංවර්ධන ව්‍යාපෘතීන්වල වැඩ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අඳහස් ප්‍රකාශ කළේ, 2021-08-20 වන අද දින වසංගත තත්ත්වයේ වුවද දැනට සංවර්ධන කර ඇති ව්‍යාපෘතීන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යා යුතු ආකාරය පිළිබදව Zoom තාක්ෂණය ඔස්සේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.