ඔහු මේ බව ප්‍රකාශ කළේ, 19 දින අමාත්‍යාංශයේ පැවති නව කැළණි පාලමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.මෙම රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.
නව කැලණි පාලමේ තව සිදු කිරීමට ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම,වානේ පාලම් කොටස පින්තාරු කිරීම,නව කැළණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම,පාලම ආලෝකකරණය,ආරක්ෂාව සදහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය සිදු කිරීම වන අතර ඒවාද නියමිත ප්‍රමිතියෙන් හා කඩිනමින් ඉදි කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතාට උපදෙස් ලබාදෙන ලදී.
නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැල සිටුවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙමෙ පැල සදහා ජලය සැපයීමට භූගත ජල නල පද්ධතියක් ඉදිකරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී
මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ෂිකා ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.