ජාතික අභයභුමිවල ජීවත්වන සතුන්ට අවශ්‍ය ආහාර හිඟවීම නිසා ඔවුන් ගම් වැදී ගොවිජනතාව විසින් වගා කර තිබෙන භෝගවලට හානි කරවන තත්ත්වයක් කාලයක පටන් උද්ගතව තිබෙන ගැටළුවකි.
අභයභූමිවල ආහාර හිඟයට එක් හේතුවක් වන්නේ ඇතැම් ආක්‍රමණික ශාඛ විශේෂ අධික ලෙස එම අභයභූමිවල ව්‍යාප්ත වීමයි.
මේ නිසා ආහාර සඳහා අවශ්‍ය ශාඛ හිඟයට ප්‍රධාන වශයෙන් මුහුණ පා සිටින්නේ වන අලින් බව පරිසර අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සොයා බැලීම්වල දී අනාවරණය වී තිබේ.
දැනට අභයභූමිවල බහුල වශයෙන් පැතිරී තිබෙන ආක්‍රමණික ශාඛ විශේෂයක් වන්නේ ගඳපාන (Lantana, Wild Sage, Lantana camara) හෙවත් ඇතැම් පළාත්වල හිඟුරු නමින්
හඳුන්වන ශාඛ විශේෂයයි. මේවා පඳුරු වශයෙන් සෑහෙන බිම්කඩක් වසා ගනිමින් එක් පඳුරක් වැවෙන අතර එමගින් යටි රෝපණය වැවීමට බාධා කරනු ලබයි.
අනෙකුත් ශාඛ විශේෂවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙම ශාඛය විසින් උරා ගැනීම නිසා අනෙකුත් ශාඛ වර්ධනයට ද බාධා ඇති කරයි. වනඅලින්ට දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණය කිලෝග්‍රෑම් 200-250 අතර ප්‍රමාණයකි. එමෙන්ම ජලය ලීටර් 75ක් පමණ අවශ්‍ය වේ.අභය භූමි තුළින් ඔවුන්ට එම අවශ්‍යතාවයන් සම්පුර්ණ කර ගැනීමට නොහැකි වීම නිසා ආහාර හා ජලය සොයා ගම්වදින නිසා වනඅලි- හා මිනිස් ගැටුම් උග්‍රවිමට ද එය හේතුවක් වී තිබේ.
මේ නිසා ලුණුගම්වෙහෙර අභභූමියේ බහුළව වැවී තිබෙන ගඳපාන ශාඛ ගළවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකයට (19) උපදෙස් දුන්නේය.
මේ සඳහා යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර නොගෙන මිනිස් ශ්‍රමය උපයෝගී කර ගන්නා ලෙසත් එම කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ජනතාව යොදවා සිදු කිරීමට හා ඔවුන්ට දෛනික වැටුපක් ලබා දීමටත් නියමිතය.
මෙම නියාමන ව්‍යාපෘතියේ දී ලුණුගම්වෙහෙර අභයභූමියේ කිලෝමීටර් 03ක පමණ ප්‍රදේශයක ඇති ගඳපාන ශාඛ ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය.