''දින දහයකට රට වැසීම තුළින් සිදුවන ආර්ථික අවපාතයන් වළක්වා ගන්නේ කෙසේද?'' යන්න සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අගොස්තු 21දා (අද) පැවති මාධ්‍ය හමුවේ දී ලිට්රෝ ගෑස් මිළ වැඩි කිරීමට තීරණයක් ගෙන ඇත්ද යන්න මාධ්‍ය කළ විමසුමක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මාස 06ක පමණ සිට ගෑස් මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් දෙකම පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇති බවත්, ලෝක වෙළඳපොලේ අසාමාන්‍ය ලෙස මිළ වැඩිවන විට
අඩු මිලට ගෑස් සැපයීමට හැකියාව ඇත්තේ සහනාධාරයක් යටතේ පමණක් බවත්, ඒ අනුව මහජනතාවගේ යහපත ගැන සිතා රජය විශාල සහනාධාරයක් ලබා දී ඇති බවත්, ලිට්රෝ ගෑන් සමාගමේ සංචිත පහළ බැස ඇති නමුත් ජනතාව පත්ව ඇති තත්වය සැළකිල්ලට ගනිමින් මේ දක්වා ගෑස් මිල වැඩිකිරීමට රජය කිසිඳු අනුමැතියක් ලබා දී නොමැති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එහෙත් මෙම අර්බුදකාරී තත්වය මත කිසිඳු හිඟයකින් තොරව ගෑස් සපයන බවට ලිට්රෝ සමාගමේ පාලන අධිකාරිය විසින් ජනතාව දැනුම්වත් කර ඇති බවත්, අනවශ්‍ය බියක් ඇතිකරගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත්, අවශ්‍ය තොග ගෙන්වාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.