''දින දහයකට රට වැසීම තුළින් සිදුවන ආර්ථික අවපාතයන් වළක්වා ගන්නේ කෙසේද?'' යන්න සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අගොස්තු 21දා (අද) පැවති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රට වැසීම ඉතා අසීරු තීරණයක් බවත් මේ වන විට එම තීරණය ගෙන ඇති බවත්, එම තීරණය බලපැවැත්විය යුතු වන්නේ කවර කාලයකටද යන්න සම්බන්ධයෙන් මේ වන විට තමන් සාකච්ඡා කරමින් සිටින බවත්, රට අගුලු දමා තිබෙන කාලය තුළ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි අයුරින් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේය.
''මෙවන් තත්වයක් ඇතිවූ විට රටෙ තිබෙන දළ දේශීය නිෂ්පාදනයට යම් බලපෑමක් ඇතිවෙනවා. එවන් බලපෑමක් ඇතිවන විට රටේ දළ දේශිය නිෂ්පාදනය අඩුවෙනවා.මා
සිතන ආකාරයට දිනකට රුපියල් බිලියන 15(කෝටි 1500) ක පමණ අඩුවීමක් සිදුවෙනවා. සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදනය බිලියන 41(කෝටි 4100) ක් පමණ
තිබෙනවා. එයින් බිලියන 15ක් අඩුවුනාම විශාල පීඩාවක් අපේ සංඛ්‍යාවලට සිදුවෙනවා. එහෙම සිදු වූ විට අපේ සාර්ව ආර්ථික සාධත විශාල ප්‍රමාණයකට අඩුවෙනවා. ඒවායෙන් අනිසි විපාක රාශියක් ඇතිවෙනවා.''
''මෙම දත්ත තමයි ලෝකයට පිවිසෙන්නේ. එම දත්ත දුර්වල බව පෙනී යනවිට එයින් යම් අනිසි බලපෑමක් අපේ රටේ ආර්ථිකයට සිදුවෙනවා. ඒ බලපෑම අපට සෑහෙන දුරකට අවාසි වෙන්න පුලුවන්. ඒ තුළින් දුර්වලබවක් ජනතාවට සහ ලෝකයට දැනෙනා විට වෙනත් රටවල් හා ගණුදෙනුවේදී අපේ තත්ත්වය යම් ආකාරයකට දුර්වල වීමක් ඇතිවෙන නිසා ගණුදෙනුකිරීම් වල යම් අපහැදිළිතාවක් ඇතිවන්නට පුළුවන්.එය අපට ලොකු ප්‍රශ්ණයක්. එවැනි දෙයක් නොවෙන්නට නම් මෙම උවදුරත් එක්ක දළ දේශීය නිෂ්පාදනය කොහොමහරි ඉහළ මට්ටමකට ගෙන එන්නට අවශ්‍යයි.'' යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය යුද සමයේදී පවා රටේ ආර්ථීක කටයුතු දුර්වල නොවී කටයුතු කිරීමට සියලු උත්සාහ දැරූ බවත්, විශාල උවදුරු තිබූ බවත්, එයට මුහුණ දීමට තමන් රජයක් ලෙස සියලු කටයුතු කළ බවත්, එම කාලයේදී වර්ධන වේගය 6% ඉක්මවා ගිය බවත්, යුද්ධයක් තිබුණද සියලුම කටයුතු නිසි අයුරින් වූ බවත්, අමාත්‍යවරයා පැවසීය.
රටකට ආර්ථික ශක්තිය නිරන්තරයෙන් පවත්වා ගැනීම අනිවාර්ය සාධකයක් බවත්, එවන් ශක්තියක් නොමැති අවස්ථාවක දී කුමන අනතුරක් සිදු වුවද එයට මුහුණ දීමට හැකියාවක් නොලැබෙන බවත්, එම නිසා ආර්ථික ශක්තිය වර්ධනය කරගැනීම අත්‍යාවශ්‍ය බවත්,අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම රට වසා තැබීම ඉතාම කෙටි කාලයකට සීමා කළ යුතු බවත්, රටේ ආර්ථික වර්ධනය වැඩි කරගැනීමට නම් රට ඉතා ඉක්මනින් යථා තත්වයට ගෙන ආ යුතු බවත්, ජීවිතය මෙන්ම ජිවනෝපයද සමසේ වැදගත් බවත් , ජීවනෝපාය නොමැතිවිම තුළින් ඇතිවන ඉච්ඡා භංගත්වය මගහරවා ගැනීමට නම් ඉතා ඉක්මනින් රට යථා තත්වයට ගෙනා යුතු බවත් කීය.
ලක්ෂ 45ක පමණ පිරිසකින් 50%ක් පමණ පිරිසක් රටේ කෘෂි හා අනෙකුත් දේශීය නිෂ්පාදනයේ කොඳු නාරටිය බවට පත්වී ඇති බවත්, ඔවුන් අඩපණ කර නිවෙස්වලට කොටු කර තැබුවහොත් ඔවුන්ගේ ශ්‍රමයෙන් ආර්ථිකයට ලැබෙන පිටිවහල නැතිවී යනවා මෙන්ම ඔවුන්ට ජීවිතය ගෙවීමට අසීරු තත්ත්වයක් ඇතිවන බවත්, මෙම අගුලු දැමීමෙන් සෑම ක්ෂේත්‍රයකම පිරිස අඩපණ කර ඇති හෙයින් මෙම අඩපණ කිරීම ඉතා අවම හානියකින් ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
එමෙන්ම විදෙස් විනිමය ඉපැයුම් මේ වන විට පහළ වැටී ඇති බැවින් එය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත්, ඒ සඳහා කළ හැකි සියල්ල, කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.