රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අගොස්තු 21දා (අද) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප අඩක් අඩුකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහෙත් ජාතියක් ලෙස දුෂ්කරතාවයට මුහුණ දෙන අවස්ථාවලදී ඉතිහාසය පුරා රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදුව ඇති බවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සෑම පුද්ගලයකුගෙන්ම පරිත්‍යාග රටක් ලෙස දේශීය හා විදේශීයව තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ මොහොතේ දී රජයේ සේවකයන්ගේ වැටුප යම් ප්‍රමාණයක් යොදාගෙන රට අගුලු දැමීම හේතුවෙන් අසරණභාවයට පත්වී සිටින ජනතාව වෙනුවෙන් සරණක් විය හැකි යැයි යෝජනාවක් පමණක් ඉදිරිපත් වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.