විදේශ අමාත්‍යවරයාගේ නව කාර්යභාරය පිළිබඳව සිය අවංක සුබපැතුම් පිරිනැමූ චීන තානාපති ෂෙන්හොන්ග් මහතා, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්‍ධනයට සහ රජයේ කොවිඩ්-19 අවම කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම සඳහා චීනය අඛණ්ඩ කැපවන බවට යළි අවධාරණය කළේය.
සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 පිළිබඳ සහයෝගීතාවය, අන්තර් පුද්ගල හුවමාරු, ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ බහුපාර්ශ්වික සහයෝගීතාව යන කරුණු වෙත යොමු විය. විශේෂයෙන්, වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වහාම දියර ඔක්සිජන් සැපයීම සඳහා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා චීනයේ සහාය ඉල්ලා සිටියේය.
මෙම හමුව සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සහභාගී වූහ.