පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් අභියෝගය ජයගන්න පාකිස්ථානයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

    අගෝස්තු 22, 2021

    ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

    කොවිඩ්-19 අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය පළ කිරීමක් වශයෙන් පකිස්ථානු රජය විසින් මෙසේ ප්‍රදානය කළ වෛද්‍ය උපකරණ තොගයට පකිස්ථානයේ නිෂ්පාදිත ශ්වසන ආධාරක (ventilators) 75ක්, C-PAP ශ්වසන අධාරක යන්ත්‍ර 150ක් අයත් වේ.

    කොවිඩ්-19 පාලනයට කලාපීය වශයෙන් එකට එක්ව මුහුණ දීමේ ප්‍රයත්නයට දායක වෙමින් පාක්ස්ථානු සාර්ක් කොවිඩ්-19 හදිසි ආධාර (Pakistan’s SAARC COVID-19 emergency assistance ) යටතේ මෙම වෛද්‍ය උපකරණ තොගය ප්‍රදානය කර තිබේ.

    පාකිස්ථානයේ නොමසුරු පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙහි දී සිය ප්‍රණාමය පුද කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya