මෙම මුදල සමුපකාර අරමුදලින් ආධාරයක් ලෙස ලබා දී ඇත. මෙම කිරි නිෂ්පාදන සමිතියට ප්‍රංශ ආධාර යටතේ යන්ත්‍ර සූත්‍ර ලබා දී ඇති අතර එහි වටිනාකම රුපියක් ලක්ෂ 500ක් පමණ වේ.
ඒ අනුව මෙම නවීන උපකරණ භාවිතයෙන් දෛනිකව කිරි ලීටර් 5000 ක ප්‍රමාණයකින් ගුණාත්මකභාවයෙන් ඉහළ කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීමට මෙම කිරි නිෂ්පාදන සමිතියට හැකිවනු ඇත.
මෙම සමූපකාර සමිතියේ සභාපති මුතුගල මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉතාමත් හොඳ පරිපාලනයකින් යුත් සාර්ථක සමිතියක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරයා එහිදී සිය ප්‍රශංසාව පුද කළේය.
මෙම අවස්ථාව සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරලිය චන්ද්‍රසිරි මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහින්ද ආනන්ද මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මදුරංග මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.