ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරිනීති සමයේ එන්නත්කරණය කාටද? කෙසේද? යන මැයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එසේ පොලිස් බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවුණ ද, අවස්ථානුකුලව ලිපිලේඛණ පරීක්‍ෂා කොට සුදුසු පරිදි කටයුතු කරන ලෙස පොලිපතිවරයා විසින් පැහැදිලි ලෙස පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද, නිරෝධායන කාල සිමාව තුළ ඒ ඒ ප්‍රදේශවල සුදුසු ස්ථාන වල මාර්ග බාධක යොදවන ලෙසත්, හැකි තරම් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ව කණ්ඩායම් භාර නිලධාරීන් ලෙස සේවයේ යෙදවීමටත් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ කොට්ඨාස භාර නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත්, යම් අඩුපාඩු සහිත අවස්ථාවල දී මාර්ග බාධක වලට ත්‍රිවිධ හමුදාව යොදාගත හැකි බවත් ආරක්ෂක ලේකම්වරයා විසින් අවසර ලබා දී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මහජනතාවගේ ජන ජීවිතය හොඳින් පවත්වාගෙනයාම සඳහා මුලික අවශ්‍යතාවයන් සපුරා ලිය යුතු වන බැවින් අහාර වෛද්‍ය ප්‍රතිකාර, ජලය විදුලිය සන්නිවේදනය වැනි මූලික සේවාවන් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර දී ඇති හෙයින් මෙම සේවාවන් පවත්වාගැනීම සඳහා සහය දැක්වීම ශ්‍රී ලංකා පොලිසියේ මුලික අරමුණ බව ද හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
භාණ්ඩ ප්‍රවාහනය කරන අයවලුන් සඳහා විධිමත් ලෙස ලබා දෙන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කල සිමාවේ දී ද නොකඩවා සිදු කෙරෙන අතර මීට පෙර එවැනි බලපත්‍ර ලබා ගත් අයෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එය නැවත අලුත් කරවාගෙන භාවිතා කළ හැකි වේ.
රාජකාරි ස්ථානයට යාමේ දී ආයතන වල සේවකයින් සතුව ජාතික හැඳුනුම්පත හෝ රාජකාරි හැඳුනුම්පත භාවිතා කරමින් හෝ ආයතනය මඟින් නිකුත් කරන රාජකාරි ලිපියක් තමන් සන්තකයේ තිබිය යුතු වන අතරම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් මත කාර්යාල වලට ගෙන්වා ගත හැක්කේ අවම කාර්යය මණ්ඩලයක් පමණි.
මෙහි දී මුලිකවම හඳුනාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය, කාර්යාල වලට සේවා සැපයීම සඳහා ගමන් කරන පුද්ගලයින්ට හා හදිසි අවශ්‍යතවයන් සඳහා ගමන් කරන පුද්ගලයින් හට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අපහසුවක් නොවන ආකාරයෙන් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ලදුව එහෙත් මාර්ග බාධක වල දී එම නිළධාරීන්ට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර සුවිශේෂී අවස්ථාවක දී විමසීමකට ලක් කිරිමකට අවශ්‍ය නම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අමතා එසේ විමසීම් කළ හැකි බව ද නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, මාර්ග බාධකයක දී විමසීමකට ලක් කිරීමේ දී පොලිස් නිළධාරියාට සත්‍යකරුණු කාරණා තහවුරු වන ආකාරයෙන් පැහැදිළි කළ යුතු වන අතර, රෝග වළක්වාලීම උදෙසා සංචරණ සිමා පැනවීම මඟින් ජනසමාජය සුරක්ෂිත කිරීම තම පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මිස එසේ සිදු කරන්නේ ජනතාව අපහසුතාවයට පත් කිරීම නොවන බව ද හෙතෙම අවධාරණය කළ ඒ මහතා, මාර්ග බාධකයකයක දී පරික්ෂා කරන විට ඊට ජනතාවගේ සහය ලබා දෙන ලෙසත්, මෙම කාලසීමාව තුළ ජනතාවගේ විනය පවත්වාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් ද වන බවත්, එසේ නොවුනහොත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අපහසු විශාල ගැටළුවක් බවට පත් විය හැකි බවත් කියා සිටියේය.