ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. රුපියල් මිලියන 08.5 ක වියදමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03 ක් ඇතුළත එහි වැඩ නිම කිරීමට නියමිතය.
මාන්කඩවල ගම්වාසීන්ගේ ඉල්ලීමක් මත මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ.
වසර ගණනාවකින් තම වැව ප්‍රතිසංස්කරණයක් නොකෙරුණ බවත්, වැව යටතේ පවතින කුඹුරු ප්‍රමාණය මාස් කන්නයේදීවත් කර ගත නොහැකි තත්වයක් පැවති බවත්, වැව ප්‍රතිසංස්කරණය කිරීම මගින් පුරන් කුඹුරුද වගා කර යල -මහ දෙකන්න වගා කර ගැනීමේ හැකියාවක් ඇති බවත්, මේ සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කටයුතු කිරීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයින් අමාත්‍යයවරයාට තුති පුද කළේ ය.
මෙම අවස්ථාවට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.