රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමනි.
''මෙම කාල සීමාව තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බාධාවක් නොවන පරිදි පවත්වාගෙනයාම සදහා දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් අවශ්‍ය කටයතු සූදානම් කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා සෞඛ්‍ය මාර්ගපෝදේශ පිළිපදිමින් හා නීරෝධායන ඇදිරි නීතියට අනුව කටයුතු කරමින් ජනතාවද අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.
''ලෝකය පුරා පැතිර යන මෙම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථික අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. මෙම වසංගතය හේතුවෙන් අපේ රටට ද ආර්ථික අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. ආදායම් ඉපැයිමේ මාර්ග විශාල ප්‍රමාණයක් අහිමි වී හෝ සීමා වී තිබෙනවා. එවන් පසුබිමක වුවත් ආර්ථික කළමණාකරණය සිදු කරමින් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.''
''මෙම කොවිඩ් වසංගතය කොපමණ කාලයක් තවදුරටත් පවතීදැයි නිශ්චිතව කියන්න බැහැ. මේ සදහා ඇති එකම විසදුම එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව සෞඛ්‍ය විශේෂඥයින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. ලංකාවේ ඒන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු කෙරෙනවා. අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් සංවිධාන පෙන්වා දී තිබෙනවා. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ අදාළ එන්නත් ලබා ගනිමින් මෙම වැඩපිළිවෙලට සහය දැක්වීමයි. විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි පිරිස් එන්නත්කරණය සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඔවුන් සහභාගී විය යුතු ''බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
----