පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති විදෙස් ඇමති හමුවෙයි

    අගෝස්තු 24, 2021

    ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් චයිබි මහතා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

    යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි පවතින පුළුල් පරාසයක සහයෝගීතාව පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

    කොවිඩ්-19 වසංගතය හා සම්බන්ධ අභියෝග විසඳීමේ දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය ලබා දෙන සහයෝගය පිළිබඳව සාකච්ඡා කළ විදේශ අමාත්‍යතුමා, ගෝලීය එන්නත් සාධාරණත්වය සහ පර්යේෂණ සඳහා සහයෝගය දැක්වීමේදී කෝවැක්ස් පහසුකම සඳහා යුරෝපා සංගමය ලබාදුන් දායකත්වය පිළිබඳව සිය අවංක ස්තූතිය ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ සාගර පාරිසරික ව්‍යසනයෙන් අනතුරුව සහ අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආපදා සූදානම ඉහළ නැංවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ලබා දුන් සහයෝගය සහ සහයෝගීතාව පිළිබඳව යුරෝපා සංගම් තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.

    යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රාමුව තුළ ශ්‍රී ලංකාවේ නිත්‍ය මැදිහත් වීම මෙන්ම, යුරෝපා සංගම් ජීඑස්පී+ අධීක්ෂණ ක්‍රියාවලිය යටතේ පවතින ඵලදායී සහයෝගීතාවය සහ අදාළ කරුණු පිළිබඳව රජය ගෙන යන පියවර ඇතුළුව සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන්, ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගම් දූත පිරිස් සහ ඒකාබද්ධ කොමිසමේ ආවරණය යටතේ අදාළ ක්‍රියාකාරී කණ්ඩායම් කැඳවීම පිලිබඳව ද සඳහන් කරන ලදී. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක, තවදුරටත් පුළුල් කිරීම සඳහා අවස්ථා සහිත, යුරෝපා සංගම්-ශ්‍රී ලංකා වෙළඳ සබඳතාවල වැදගත්කම විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා යළි අවධාරණය කළේය. ධීවර ක්ෂේත්‍රයේ සහයෝගීතාවයට අදාළ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya