ඒ අනුව මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,00 වෙනුවට මෙසේ සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට කටයුතු කෙරේ.
මෙරට කොවිඩ් රෝගින් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් පවතින්නේ දැයි අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, මේ වන විට අවශ්‍ය ඔක්සිජන් සංචිතය ප්‍රමණවත්ව පවතින බව කීය.
රටට අවශ්‍ය ඔක්සිජන් තොග ප්‍රමාදයකින් තොරව ලබා ගෙන ආරක්ෂිත තොග ලෙස තබාගැනීම පිණිස මෙලෙස ආනායනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.