අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ පිළිබදව සදහන් කළේය.
කිසිදු අවස්ථාවක රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට රජයේ කිසිදු දේශපාලනඥයෙක් යෝජනා නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
කොවිඩ් අරමුදල ආරම්භ කළ දිනයේ සිට විශාල ඝෝෂා නොකරමින් පක්ෂයක් වශයෙන් සෑම කැබිනට් අමාත්‍යවරයෙකුම වැටුපෙන් රුපියල් 10,000ක මුදලක් ඒ සදහා පරිත්‍යාග කළ බවද, පහළ ස්ථර වල සිටින පළාත් හා ප්‍රාදේශීය සභා සංවිධායකවරු පවා මෙම පරිත්‍යාගයන් අඛණ්ඩව සිදුකරන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
ආණ්ඩුව කිසි ලෙසකින් හෝ බලකිරීමකින්, තෙරපීමකින් කිසියම් අරමුදලක් සෑදීමට කිසිසේත්ම උත්සාහ නොගන්නා බවද, වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් පල වන සියලු මාධ්‍ය වාර්තා වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.