ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මණ්ඩලය රැස් වන අවස්ථාවේ දී, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ට සිය අදහස් ලබා දීම සඳහා අවස්ථා ලබා දීමෙන් අනතුරුව නැවත ලිපි අත්සන් කරන දෙබිඩි පිළිවෙත කුමක් ද යන්න පිළිබඳව මාධ්‍යව්දියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
එමෙන්ම විවිධ සංවාද පැවතීම මෙරට දේශපාලන ඉතිහාසයය ගෙන බලන කළ අලුත් දෙයක් නොවන බවත්, ඉදිරියටත් එවැනි විවිධ සංවාද පවතීවී යැයි ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා අභ්‍යන්තර අර්බුදයක් කතා කිරීමට තරම් ආණ්ඩුව රෝගී වී නොමැති බවත්, මෙය ඉතාමත් නිරෝගිමත් ආණ්ඩුවක් බවත් අවධාරණය කළේය.