නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එම ශෝක ප්‍රකාශය මෙසේ ය.
''ලාංකීය දේශපාලන ගමන්මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් මම ඉතා සංවේගයට පත් වීමි.
එතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.''