කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර එහි වේගය පැයට .කි.මී. (25-35) පමණ වේ.මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.
මාතර සිට හම්බන්තොටසහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළුවිය හැකි බවද අද (25) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.