පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි- සෞඛ්‍ය අමාත්‍ය

    අගෝස්තු 27, 2021

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

    මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

    බෝ නොවන රෝග සඳහා සායනික ප්‍රතිකාර වලට යොමුව ඇති වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඒ සියලු දෙනා ඉතා කඩිනමින් පූර්ණ එන්නතකරණය සඳහා යොමු කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

    කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 86 % පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත් , ඉන් 12% ක් පමණ පළමු එන්නත පමණක් ලබාගෙන ඇතැයිද , මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% බවත්,ඔවුන්ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

    ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇතැයිද ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කීය.සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya