පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත සහතික කරයි  

    අගෝස්තු 27, 2021

    2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි.

    2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (23) සිය සහතිකය සටහන් කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටියි.

    පසුගිය අගෝස්තු මස 17 වැනිදා එම පනත් කෙටුම්පත, ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
    කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සදහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණයි.

    තවද කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සදහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සදහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇත.
    මේ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මක වනු ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya