පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කළුබෝවිල රෝහලේ මිලේනියම් ගොඩනැගිල්ල රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කෙරේ

    අගෝස්තු 27, 2021

    කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් (26) පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කිසිදු විවෘත කිරීමකින් හෝ උත්සවයකින් තොරව රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ආරම්භ කෙරිණි.

    ඉතා දීර්ඝ කාලයක සිට ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගියදා උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව රෝගී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මසක පමණ කාලයක් තුළ එහි වැඩ කටයුතු කඩිනම් කෙරිණි. ඒ සඳහා කිසිදු නිල උත්සවයක් හෝ විවෘත කිරීමකින් තොරව රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් දෙන ලදී.

    තට්ටු අටකින් සමන්විත මෙම ගොඩනැගිල්ලෙහි හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වාට්ටු සංකීර්ණ කිහිපයක් ශල්‍යාගාර හයක්, හෘද ප්‍රතිකාර ඒකකයක් හා රසායනාගාර කිහිපයකින්ද සමන්විතය. මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමත් සමඟ කොවිඩ් ආසාදිත නොවන රෝගීන් මෙම වාට්ටු සංකීර්ණය සඳහා යොමු කරන බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වන ඉඩ පහසුකම් ඉහළ නැංවීමට හැකිවනු ඇත.

    මේ වන විට එම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 200 ක් පමණ වෙන් කර ඇති අතර මේ අනුව ඉදිරියේදී එහි ධාරිතාව 350 ක් ඉක්මවන ප්‍රමාණයකට ගෙන යා හැක.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවා වනිතා ඒකකය එහි නිම කිරීමේ අවසන් අදියර සඳහා රෝහල් ඇඳන්,මෙට්ට සහ ඇඳ ඇතිරිලි ආදිය පරිත්‍යාග කරනු ලැබීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya