පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විදෙස්ගතවීම සඳහා කොවිඩ් -19 එන්නත් සහතිකය ලබාගැනීමට මාර්ගගත (Online ) පහසුකම්

    අගෝස්තු 27, 2021

    විදෙස් ගතවීමට අපේක්‍ෂා කරණ සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් -19 එන්නත් ලබාගත්බවට සහතිකයක් මාර්ගගතව online ලබාගැනීමට අගෝස්තු 25 දින සිට පහසුකම් සැළසෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කෙරේ. මෙමඑන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබා ගැනීම සඳහා https://covid-19.health.gov.lk/certificate/ අන්තර්ජාල ද්වාරය වෙත පිවිසිය යුතුවේ.

    මාර්‍ගගත ද්වාරය වෙත ප්‍රවේශ වීමෙන් පසු ජාතික හැඳුනුම්පත් අංකය හෝ , විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පත් විස්තර,විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත විස්තර ඇතුළත් කළ යුතුය. අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ මෘදු පිටපතක් (පීඩීඑෆ් පිටපතක් ) ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකිවේ. එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකිය.මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත ශාරීරිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවේ.දැන් ඔබට ඔබේම නිවසේ සිට පහසුවෙන්ම එන්නත් සහතිකය ලබා ගත හැකිය.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සෞඛ්‍ය අමාත්යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව හදුන්වාදු මෙම කොව්ඩ් 19 එන්නත් සහතිකය කාලෝචිත පියවරක් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

    මෙවැනි වටිනා එන්නත් සහතිකයක් මහජනතාවට කරදරයකින් තොරව ලබාදීම සදහා තිරය පිටුපසසිට සක්‍රීය ලෙස දායකවූ සියල්ලනට ලේකම් වරයා සිය ස්තුතිය පළකරනබවද සදහන් කළේය.මෙම හදුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA ) සභාපති ඕෂද සේනානායක මහතා සඳහන් කළේ, පුරවැසියන් මුලිකකරගත් සේවාවන් සැපයීම සඳහා තාක්‍ෂණය උපරිම ලෙස භාවිතා කිරීමට තම ආයතනය කැපවී සිටින බවයි.

    කොවිඩ් - 19 වසංගත තත්වයන්ට මුහුණදීම සදහා තාක්‍ෂණ භාවිතය කෙතරම් වැදගත් ද යන්න මෙම හදුන්වාදීම තුලින්ද හෙළිවේ. ජාතිය ඩිජිටල් පරිවර්‍තනයකට ගෙන යන ගමනේදී
    තාක්‍ෂණය පදනම් කරගත් විසඳුම් සක්‍රීය කිරීම සහ තාක්‍ෂණයෙන් පුරවැසි සේවාවන් සවිබල ගැන්වීම අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් සදහන්කරනලදී .

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya