පසුගිය දා නිකුත් කරන ලද රජයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින්, සහල් මෝල් හිමියන් සහ ගොවීන් හැරුණු කොට අතරමැදි පාර්ශ්වයන් විසින් වී තොග රැස්කිරීම තහනම් කිරීමත් සමඟ පාරිභෝගික සේවා අධිකාරි විසින් මෙම වැටලීම් සිදු කරන ලදී.
පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක වල පවත්වාගෙන යනු ලැබූ මෙම අතරමැදි වී තොග ගබඩා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ පරිදි, රජය විසින් බලාත්මක කරන ලද නීතිය ඉක්මවා යමින් ගොවීන් හෝ සහල් මෝල් හිමියන් නොවන අතරමැදි පාර්ශ්වයන් විසින් මෙම වී තොග පවත්වාගෙන යාම හේතුවෙන් මෙම සියළුම වී තොග රාජසන්තක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් කටයුතු සිදු කරන ලදී.