පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විදේශගතවන්නන් වෙත එන්නත්කරණණය පිළිබඳ ඩිජිටල් සහතිකයක්

    අගෝස්තු 28, 2021

    විදේශගතවීමට අපේක්ෂාකරන අය වෙත ඩිජිටල් එන්නත්කරණ සහතිකයක් (Digital Smart Vaccine Certificate )ලබාදීමේ වැඩසටහනක් පසුගිය 25 වනදා සිට ඇරඹි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබද අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සදහන් කරයි.

    ඔහු මේ බව (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

    කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඒ පිළිබදව විස්තර ඇතුළත් කාඩ්පතක් සෑමදෙනෙකු හටම හිමි වුවද, මේ සම්බන්ධව ඉලෙකට්‍රොනික් දත්ත පද්ධතියට ඇතුළත් කළේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකයාව නිසා බව විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

    දැනටමත් මිලියන 14ක් පමණ විශාල දත්ත ප්‍රමාණයක් ඇතුළත් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්, අදාළ කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාව සහයෝගය ලබාදුන් බවද ඔහු සිහිපත් කළේය.

    එන්නත්කරණයෙන් පසු සෑම දෙනෙකුටම හිමිවන කාඩ්පත අතින් ලියාදෙන්නක් බවද, ඇතැම් විදෙස් රටවල් වලින් එන්නත්කරණ කාඩ්පතේ දත්ත සුව්ශේෂිත ලෙස ඇතුළත් කරන ලද සහතික කරගැනීමේ ක්‍රමවේදයක් සහිත කාඩ්පතක් ඉල්ලන බවද ජාත්‍යන්තරව පිළිගන්නා ප්‍රමිතියකින් යුතුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන මෙය නිරවද්‍යතාවය පිළිබදව සහතිකයක් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

    මෙම සහතිකයේ පුද්ගලයාගේ නම වසය ආදී මූලික විස්තර අන්තර්ගත වන බවද, එහි ඇති QR කේතය (QR Code) තුළ සියලු තොරතුරු සුරක්ෂිත ආකාරයකට ගබඩා කර ඇති බැවින් මෙමගින් බොරු කළ නොහැකි අතර ඒම තොරතුරු වල නිරවද්‍යතාවය ඕනෑම අවස්ථාවක වෙනත් රටකදී වුවද තහවුරු කළ හැකි බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා කියා සිටියේය.

    මහජනතාවගේ පහසුව වෙනුවෙන් මෙය මාර්ගගත Online ක්‍රමයට ලබාදීමේ වැඩකටයුතු ඇරඹු බව සදහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රථමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත ගොස් ඒම අදාළ එන්නත්කරණ සහතිකය ලබාගැනීමේ වෙබ් පිටුව වෙත යාමට හැකි බවද පැවසුවේය. එහි ඇති සරල අයදුම්පත නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් පුරවා submit කළ හැකි බවද, ඉන්පසු දින 07ක් ඇතුළත මෙම ඩිජිටල් සහතිකපත විද්‍යුත් තැපෑලෙන්ම ලබාදෙන බවද සදහන් කළේය.

    මෙම වැඩසටහන පෙරේදා (25) ඇරඹි අවස්ථාවේ පැය 24ක් තුළ ඉල්ලීම 1000කට අධික ප්‍රමාණයක් පැමිණි බවද, වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය 10කට අධික ප්‍රමාණයක් දවසේ පැය 24 පුරා සේවය කරන බවද වෛද්‍යවරයා කියා සිටියේය.

    මෙම ඩිජිටල් සහතිකය ලබාදෙන්නේ විදේශගතවන අයට පමණක් වන බවද, මේ සදහා තොරතුරු ඇතුලත් කිරීමේදී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් කරන ලෙසද මෙහිදී වෛද්‍යවරයා ඉල්ලා සිටියේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya