මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කළ යෝජනාවකට අනුව තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රතිසංස්කරණය කෙරේ
තිරප්පනය හා ඉපලෝගම ගොවිජන සේවා බලප්‍රදේශ ආවරණය වන ලෙස වැව් 27 ක් සංවර්ධනය වීමට නියමිත අතර, එහි පළමු වැව ලෙස තෝඩාමඩුව වැව ප්‍රතිසංස්කරණය කෙරේ.
වැව් බැම්ම, රළපනාව හා ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, වැවේ පවතින රොන් මඩ,අපද්‍රව්‍ය ඉවත් කෙරේ.
වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් හා නිලධාරීන් සමඟ සාකච්ජාවක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම නිරීක්ෂණය අතරතුර සිදු විය.
මෙම අවස්ථාවට මිහින්තලය ආසනයේ දේශපාලන නියෝජිතයින් අනුරාධපුර ගොවිජන සේවා අධ්‍යක්ෂ , ඇතුළු ගොවිජන සේවා නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගී විය