මඩකලපුව ශික්ෂණ රෝහලේ පොකුරු ලේ බැංකුව සමඟ එක්ව පවත්වන ලද මෙම ලේ දන් දීමේ වැඩසටහන සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා කාශ්‍යප සහ ලංකාපටුන යන ආයතනයන්හි නාවික පුද්ගලයින් රැසක් ස්වේච්ඡාවෙන් ලේ දන්දීම සඳහා ඉදිරිපත් වී මෙම මහඟු සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා දායක විය.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම වැඩසටහන නාවික අණභාර නිලධාරි, ත්‍රිකුණාමලය දකුණ විසින් මඩකලපුව ශික්ෂණ රෝහල සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් මෙන්ම මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වී සිටියහ.