පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සමුගනී!

    අගෝස්තු 28, 2021

    ශ්‍රී ලංකා පුවත් පත් මාධ්‍ය කලාවේ ප්‍රවීන පුවත්පත් කලාවේදියකු ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

    මියයන විට 89 වැනි වියේ පසු වූ ඒ මහතා, මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් සිදු කළ විශිෂ්ට මාධ්‍යවේදියකු වෙයි.

    එල්මෝ ගුණරත්න මහතා, ලේක්හවුස් ආයතනයේ සේවය කළ අතර,‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා ද වෙයි. එල්මෝ ගුණරත්න මහතා, මෙරට මාධ්‍ය කලාව වෙනුවෙන් සිදු කළ සේවය අගයමින් සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි.

    එල්මෝ ගුණරත්න ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියානෙනි... ඔබට නිවන් සුව..!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya