බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩිතරමක තද වැසි ද ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ.
ඌව පළාතේත්අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහදකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බවද අද (29) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. හෙට දින (29) දහවල් 12.11වෙල්ලන්කුලම්, මුරික්කන්ඩි සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.