අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 116434ට දෙදහසේ දීමනාව ගෙවා අවසන්

    අගෝස්තු 30, 2021

    කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 116434ට මේ වන විට රුපියල් දෙදහසේ දීමනාව ලබාදී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


    රට වසා දැමීමේ තත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ එදිනෙදා කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක ලෙස හඳුනාගනු ලැබූ දිස්ත්‍රික්කයේ තවත් පවුල් 230424ක් සඳහා දීමනාව ගෙවීමට නියමිතව තිබෙන බවයි.

    රට වසා දැමීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 326858ක ජීවනෝපාය අහිමි වී ඇතැයි හඳුනාගෙන ඇති අතර මෙම පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබාදීම සඳහා රුපියල් 480,000,000ක මුදලක් රජය වැයකරයි.

    ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්,කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32411ක්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්, මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්, මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල 13989ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20988ක්, මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 22521ක්, කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක් හා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939කට මෙම දීමනාව ලබා දීමට නියමිතය.


    මෙම දීමනාව හිමිවන්නේ රට වසා දැමීම නිසා ආදායම් මාර්ග අහිමි වූ සහ රජයෙන් ලබා දෙන කිසිදු දීමනාවකට හිමිකම් නොකියන පවුල්වලට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya