පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවාට ජනපති සුබ පතයි

    අගෝස්තු 30, 2021

    පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවාට සුභාශිංසන පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

     

    ජනාධිපතිතුමා සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

    ''මෙවර ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවාට මාගේ සුභාශිංසන පිරිනමමි.
    වරක මව්බිම රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමටත් මෙවර ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතික ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවීමටත් අපරිමිත ව කැප වූ ඔබට මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නැවත නැවතත් ස්තූතිවන්ත වෙමි.''

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya