පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සීනි සහ සහල් මිල පාලනයට රජය උපරිම ක්‍රියමාර්ග ගන්නවා- රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    අගෝස්තු 31, 2021

     සීනි සහ සහල් මිල පාලනය සඳහා රජය උපරිම ක්‍රියමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    මෙම සතියේ බදාදා දිනෙන් පසුව ස.තො.ස සහ සමුපකාර අලෙවිසැල් මගින් රතු සීනි ලබා ගත හැකි බව ද පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    සමස්ත සීනි පරිභ්හොජනයෙන් සියයට 20ක් රතු සීනි පරිභ්හොජනය කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ස.තො.ස සහ සමුපකාර සඳහා සියයට සියයක් ම රතු සීනි ලබා දීමට කටයුතු කරන බවත් එසේ ලබාදීමෙන් පසු ඉතිරි වන්නේ නම් පමණක් පෞද්ගලික වෙළඳ ආයතනවලට ලබා දෙන බවත් පැවසීය.


    සීනි සහ සහල් මිල පාලනය සඳහා 2021 ජුනි 11වැනි දින පාරිභෝගික අධිකාරී පනතේ බලතලවලට අනුව විශේෂ විධානයක් නිකුත් කරමින් වී, සහල්, තිරිඟු පිටි ගබඩා ලියාපදිංචි කරන ලෙස උපදෙස් ලබා දුන් අතර ඒ අනුව පසුගිය 13වැනි දින වනවිට වී ගබඩා 101ක් සහල් ගබඩා 117ක් සුදු සීනි ගබඩා 174 ක් රතු සීනි ගබඩා 152ක් බඩ ඉරිඟු ගබඩා 132ක් ලියාපදිංචි කර ඇත.

    අතරමැදි පුද්ගලයන් සහල් තොග ගබඩා කර රටේ අනවශ්‍ය සහල් හිඟයක් ඇති කිරිමට කටයුතු කරන් බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය සතියේ උතුරු මැද සහ නැගෙන්හිර පළාතේ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම්වලින් ලියාපදිංචි නොකළ වී ගබඩා 52ක් මුද්‍රා තැබූ බව පැවසුවේය.

    එම ගබඩාවල මෙට්‍රික් ටොන් සියයකට ආසන්න ප්‍රමාණයක් ඇති බව අමාත්‍යවරයා පවසයි. තවද ලියාපදිංචි නොකළ සීනි ගබඩා සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ අනුව සීනි මෙට්‍රික් ටොන් 4800ක් මුද්‍රා තබා ඇති බවත් මෙම වැටලීම් ඉදිරියේදී අඛණ්ඩව සිදු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.ලියාපදිංචි නොකළ ගබඩා පිළිබඳව තොරතුරු 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    පසුගියදා (28) නීතිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම ලියාපදිංචි නොකළ ගබඩා හිමිකරුවන්ට එරෙහිව අවශ්‍ය අධිකරණ ක්‍රියමාර්ග ඉදිරි සතියේදී ගැනීමට තීරණය කළ බවත් කියා සිටියේය.
    මීට අමතරව මෙම තොග රාජසන්තක කරන ලෙසද නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇත.

    තවද ඉදිරි සතියේදී මෙම පාරිභෝගික අධිකාරි පණතේ සංශෝධනයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

    මේ වන විට වරායේ නීතිවිරෝධී ලෙස ආනයන කරන ලද සීනි තොග පවතින බවත් එම තොග ස.තො.සට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු වෙළඳ අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.
    කොන්දේසි රහිතව පාරිභෝගිකයන්ට රතු සීනි සතොස සහ සමුකාරවලින් මිලදී ගත හැකි බවත් සුදු සීනි මිල අඩුකිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya