ඔහු මේ බව සඳහන් කළේ, අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ආසාධිත තත්ත්වයන් හේතුවෙන් රටේ ජනතාව බරපතල ව්‍යසනයකට පත්වී සිටින අවස්ථාවක රෝග නිවාරණය සදහා ප්‍රජාවගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට මෙන්ම රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණෙන් ඒ සදහා අවශය වන දේශීය ඖෂධ ලබාදීම සදහා වූ වැඩපිළිවෙලක්, දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ කැබිනට් මණ්ඩලය ලබාදුන් අනුමැතිය පිළිබදවද අමාත්‍යවරයා ස්තුතිපූර්වකව සිහිපත් කළේය.
මෙම කාලපරිච්ඡේදය අප රටේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ අලුත් පුනර්ජීවනයක් ලබාඇති කාලයක් බවද, විශේෂයෙන්ම දේශීය වෙදකම් පිළිබදව අප රටේ ජනතාව මෙම වසංගත රෝග තත්ත්වය හමුවේ ඉතා සමීපව කටයුතු කරන අතර ප්‍රතිශක්තීකරණ පානයන්, ප්‍රතිශක්තිකරණයෙන් යුතු ආහාර අතිරේකයන් වඩවඩාත් උපයෝගී කරගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රෝග ආසාදිතයන් බහුලව වෙසෙන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය පළමුව දියත් කරන බවද, රට පුරාම මෙම ඖෂධ මංජුසාව ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ඖෂධ වර්ග කිහිපයකින් මෙම මංජුසාව සකස් වන බවද, ඒ සදහා තාක්ෂණික කමිටුව විසින් සුවධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්ඡාදී චූර්ණය සහ ඖෂධීය ප්‍රතිශක්තීකරණය සහිත ආහාර අතිරේක වලින් සමන්විත කැද පානයන්ගෙන් යුතු ඖෂධ වට්ටෝරුවක් අන්තර්ගත කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
සූත්‍ර කමිටුව, විශේෂඥයින් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධ නිවෙස් වලට ලබාදීම සදහා කටයුතු කරන බවද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ සිට ග්‍රාමසේවා වසම් දක්වා පළමුව රෝගය බහුල ප්‍රදේශ වලටද ඉන්පසු ක්‍රමානුකූලව මෙම වැඩපිළිවෙල රටපුරාද ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවේය.