පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට ගුරු-විදුහල්පතිවරු සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා-අධ්‍යාපන අමාත්‍ය

    අගෝස්තු 31, 2021

    ගුරු සේවය සංවෘත සේවයක් කිරීම පියවර - ගුරුවරුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් -

    ගුරු සේවය සංවෘත සේවයට පත් කිරීම පියවර ගන්නා බවත් 2022 අයවැය ඉදිරිපත් කරන තුරු ගුරුවරුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් සැප්තැම්බර් හා ඔක්තෝබර්
    මස වල දී ලබා දීමට කටයුතු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ
    මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    මෙරට මුහුණ පා ඇති කොවිඩ් වසංගතය හමුවේ රජය මුහුණ දෙන ආර්ථික ගැටළු මධ්‍යයේ වුව ද, දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා කැප වී කටයුතු කරන ගුරුවරුන් සඳහා මාසික දීමනාවක් වශයෙන් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වල රුපියල් 5000ක දීමනාව 2022 අයවැය නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන තුරු ලබා දීමටත්, ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ කාර්ය සඳහා මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.

    එමෙන්ම, මෙම ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා දීර්ඝ කාලයක් විවිධ පාලන තන්ත්‍රයන් තුළ ගමන් කළ ද ඊට ස්ථිර විසදුමක් නොමැති වුව නමුත්, ඊට
    ස්ථිර විසඳුමක් ලබා ගැනීම සඳහා ගන්නා ලද මෙම පියවර ඉදිරි වසර 04 ගත වීමට පෙර කොටස් වශයෙන් ක්‍රියාත්මක කරවීමේ තීරණයක් ඊයේ (30) දින ජනාධිපති ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයන් පැවති කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළ බව මෙහි දී අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව, විදුහල්පති-ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ, පරිසර අමාත්‍ය මහින්ද සමරවීර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන කැබිනට් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ අන්තරගත නිර්දේශ වල දෙවෙනි කාරණාව වශයෙන් වන ගුරු සේවය සංවෘත සේවයට පත් කිරීමේ ජාතික තීරණය ක්‍රියාත්මක කිරීම ඉදිරි මාස කිහිපයේ දී සිදු කෙරේ. එමෙන්ම, අතිරේක යෝජනා රාශියක් ස්ථානගත, ක්‍ෂේත්‍රගත, දෙපාර්තමේන්තු, විදුහල් සහ පළාත් සභා සමඟ කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා පත් කරන ලද විශේෂ කාරක සභාවක් මඟින් ඉතා ඉක්මණින් ඉදිරි මාස 06 ඇතුළත ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර දැනටමත් ඒ සම්බන්ධ මූලික සාකච්ඡා වට
    කිහිපයක් ආරම්භ කොට තිබේ.

    ඒ අනුව, මෙම ගන්නා ලද තීරණයන් සියල්ල ගනු ලබන්නේ පවතින ගැටළු විසඳුම් ලබා දීමට බවත්, එම තීන්දු හා තීරණ මෙරට ලක්ෂ 43 ක් වූ දරු පරම්පරාව හා ඔවුන්ගේ අනාගතය එළි කරන්නට මඟ සාදන ගුරුවරුන් සම්බන්ධව ගනු ලබන්නා වූ තීන්දු තීරණ තිබෙන බවත් සඳහන් කළ හෙතෙම, සෑම ගුරුවරයින්ගේ කාර්යයභාරය දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරාවි යැයි අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා බලාපොරොත්තු වන බවත්, අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට ගුරු-විදුහල්පතිවරු සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya