අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි
පවතින මූල්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස ඊයේ කැබිනට් මන්ඩලයේදී මුදල් අමාත්‍යවරයා සදහන් කළ බවත් ඒ සදහා අවධානය යොමු කරමින් රජයේ මූල්‍ය තත්ත්වය කළමනාකරණය කරගැනීම උදෙසා යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කළ බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.
ඒ අනූව පසුගිය අයවැය ලේඛණයෙන් ඉදිරිපත් කරන ලද දැනටමත් වැඩ අරඹා නොමැති ව්‍යාපෘති ඇතිනම් ඒවා මෙම වසර තුළදී මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙනයාමට නොහැකි නම්,එම වැඩසටහන් පිළිබදව නැවත ප්‍රගති සමාලෝචනයක් කර තීන්දුවක් ගන්නා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටි බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.
අත්‍යාවශ්‍ය නොවන බදවාගැනීම් නතර කරන ලෙසද, අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු කාර්යමණ්ඩල සඳහා නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති වකවානුවක ඉන්ධන දීමනා වැනි දැනට අනවශ්‍ය දීමනා ලබාදෙන්නේ නම් ඒවා පිළිබදව ද අවධානය යොමු කරන ලෙසද, මෙලෙස දැඩි මූල්‍ය විනයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙසද පැවසූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීය.