ඔහු මේ බව සඳහන් කළේ, අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
අප රටෙහි ආයුර්වේද රෝහල් පද්ධතිය කොරෝනා මර්දනය සඳහා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කළ බවත්, ඒ අනූව මේ වන විට එවැනි රෝහල් 13ක් පමණ ක්‍රියාත්මක වන අතර, තවත් රෝහල් 05ක් ඉදිරි සතිය තුළ මෙයට සම්බන්ධ වන බවද ඔහු සදහන් කළේය.
දැනට 5858ක් පමණ රෝගීන් මෙම රෝහල් සඳහා ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් 4720කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා සුවව නිවෙස් බලා ගොස් ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස ප්‍රතිකාර කිරීමේදී මෙම කොරෝනා රෝගීන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට ලක්වන අතර දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර ලබාදීම සිදුකරන බවද, ඒ සඳහා බටහිර වෛද්‍යවරුන්ගෙන්ද විශාල සහයක් හිමිවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ලෝකයේ කොරෝනා රෝගය පාලනය කළ බොහෝ රටවල් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්,දේශීය පාරම්පරික දැනුමත්, බටහිර වෛද්‍ය ක්‍රමයත් සංකලනය කරගනිමින් ප්‍රතිකාර ක්‍රමවේදයන් සදහා උත්සාහ දරා ඇති බවද, එමනිසා අප රටෙහිද යම් සංකූලතාවයන් නිසා ආයුර්වේද රෝහල් පද්ධතියෙන් බටහිර රෝහල් සදහා ඇතුළත් කර ඇත්තේ 299 දෙනෙකු පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ක්‍රමවේදය බටහිර රෝහලක් ඒකාබද්ධ කරගනිමින් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
රටේ සමහර තීන්දු තීරණ ඉතාමත් සද්භාවයෙන් රටේ ජනතාව වෙනුවෙන් ලබාගත් බවත්, ඒම තීන්දු හේතුවෙන් කිසිම අවස්ථාවක කිසිවෙකු හෝ මියගොස් හෝ කිසිවෙකුට සංකූලතා මතුවීමක් හෝ සිදුව නැතැයිද, දේශීය වෛද්‍ය අමාතයංශය වශයෙන් යම් යම් අත්හදාබැලීම් සිදුකළද මිනිසුන්ගේ ජීවිතත් සමඟ ඒ දේවල් සිදුනොකරන බව අමාතයවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම අප රටේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරන බවද අමාතයවරයා සඳහන් කළේය.