පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව රහසේ සඟවා තිබූ මහා පරිමාණ සීනි තොගය වැටලීම සිදු කර ඇති අතර මේ වන විට එම සීනි තොගය රජයට පවරා ගෙන අද (01) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ රැගෙන යෑමට කටයුතු කර තිබුණි.
සීනි ආනයනකරුවන් සීනි තොග සඟවිමින් රටේ කෘතිම සීනි හිඟයක් ඇතිකිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වීමත් සමඟ පාරිභෝගික සේවා අධිකරිය විසින් අදාල සීනි තොග වටලා මුද්‍රා තැබීමට පසුගිය දා පියවර ගත්තේ ය.
රජය භාරයට ගන්නා සීනි තොග හෙට දිනයේ සිට රුපියල් 125ත් 130ත් අතර මිලකට ජනතාවට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (1) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.