පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වසංගත තත්ත්වයක් පැතිර යන අවස්ථාවක දුර්මත ප්‍රචාරය නොකරමින් වසංගත පාලනයට දායක වෙන්න-විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

    සැප්තැම්බර් 02, 2021

    වසංගත තත්ත්වයක් පැතිර යන අවස්ථාවක දුර්මත ප්‍රචාරය නොකරමින් වසංගත පාලනයට දායක වන ලෙසත් පී සී ආර් කට්ටලයක් සඳහා රු: 8000ක මුදලක් රජය කිසි අවස්ථාවක වියදම් කර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    2020 වසරේ මුල සිට මෙරට පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම ඇරඹි බවද ඒ වන විට පීසී ආර් කට්ටලයක් රුපියල් 3026කට මිලදී ගත් අතර මේ වන විට ඒවා මිලට ගනුයේ රුපියල් 736 කට බවද
    රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේය.

    පී සී ආර් පර්යේෂණ කට්ටල අප රටට මිලදී ගැනීම සදහා මේ වන විට ආයතන 08ක් 09ක් පමණ ලියාපදිංචිය ලබාගෙන ඇති බවද, එම ආයතන අවශ්‍ය ලියකියවිලි සමග ප්‍රසම්පාදනයට ඉල්ලුම්
    කිරීමේදී විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යවා එම කමිටු හරහ දෙවරක් පරීක්ෂා කිරීමෙන් පසු අදාළ කට්ටලවලට නිර්දේශ ලබාදෙන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

    රැපිඩ් ඇන්ටිජන් කට්ටල සහ පී සී ආර් කට්ටල වැඩි මිලකට ලබාගැනීම සම්බන්ධයෙන් දුර්මත මේ දින වල සමාජයේ පැතිරෙන බව සදහන් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, රැපිඩ් ඇන්ටිජන්
    පරීක්ෂණ මෙරට සිදුකිරීම පසුගිය වසරේ නොවැම්බර් මස සිට ඇරඹි අතර ඒවකට රුපියල් 1146කට ලබාගත් ඇන්ටිජන් කට්ටලය මේ වන විට රුපියල් 975කට ලබාගන්නා බවයි.

    ආරම්භයේදී රැපිඩ් ඇන්ටිජන් කට්ටල නියමිත ප්‍රමිතියෙන් යුතුද යැයි සෙවීමට අපගේ පර්යේෂණාගාර වල පහසුකම් නොදියුණු වූ බැවින් ඒවකට සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ
    තාක්ෂණික කමිටුව විසින් ලබාගත් තීරණය අනූව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදුන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල පමණක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට
    මිලදී ගත් බවද, එදා ඇතිකරගත් ප්‍රමිතිය අද දක්වා පවත්වාගෙන එමින් මේ වන විට අප පර්යේෂණාගාර සතුව ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් පවතින බැවින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල
    නිෂ්පාදන ආයතන 03ක් සඳහා අනුමැතිය හිමිව ඇති බවද ඔහු පැවසුවේය.

    මෙම සියලු ප්‍රසම්පාදන දත්ත www.spc.lk නම් වන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වෙබ් අඩවියෙන් ඖනෑම කෙනෙකුට පරීක්ෂා කර බැලිය හැකි බවද, මෙවැනි වසංගත තත්ත්වයක් පැතිර යන
    අවස්ථාවක දුර්මත ප්‍රචාරය නොකරමින් වසංගත පාලනයට දායක වෙමින් කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya