අතිගරු ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළව මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.
තවද පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සැප්තැම්බර් 06 සහ 07 දෙදින පමණක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය. මීට ප්‍රථම ලබන 06 වන සදුදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබූ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරනු ඇත.
ලබන 07 වන අගහරුවාදා දින පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත(දෙවැනිවර කියවීම), මුදල් පනත් කෙටුම්පත(දෙවැනිවර කියවීම), නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් විවාදයට ගැනීමට නියමිතය.
ඉන්අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.