අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    ඔක්සිමීටර, ස්වයංක්‍රීය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර සඳහා දැඩි නියාමනයක්

    සැප්තැම්බර් 03, 2021

    කොවිඩ් 19 රෝගය පැතිරයාමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමීටර, ස්වයංක්‍රීය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවසර ලබා දීමේ දී දැඩි ලෙස සැළකිලිමත් වන
    ලෙසත්, ඒවායේ ප්‍රමිතිය පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන ලෙසත්, නිසි අවසරයකින් තොරව රටට ගෙනා මෙවැනි යන්ත්‍ර තිබේ නම්, වහාම ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ භාරයට ගෙන නීතිමය
    ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක දී අනාවරණය වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මේ වන විට අනුමතකර ඇත්තේ සැපයුම්කරුවන් 5 දෙනෙකුගේ ඔක්සිමීටර් පමණක් බවයි. වෙළෙඳ පොළේ ඇති ඇතැම් ඔක්සිමීටර් බැලූ බැල්මට ව්‍යාජ ඒවා බව පෙනී යන හෙයින් මේ ගැන වහාම විමර්ශනයක් කරන ලෙස අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ ජනමාධ්‍ය වෙත ද අමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.

    තවද ඔක්සිමීටරයක් සඳහා රු. 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මෙහි දී තීරණය වූ අතර ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතය. මේ වන විටත් නිසි ලියාපදිංචියකින් තොරව රටට ගෙනා ඔක්සිමීටර 5200 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළහ. තව ද නිසි අවසරය ලබා ඇති සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ වෙළෙඳ නාම කවරේ ද යන වග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, මිල නියාමන කමිටුවේ සභාපති
    විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු එස්. ඒ. ජේ. කරුණාතිලක ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya