පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා මෙම ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ද පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක්ද වේ
දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
තවද සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, (වාෂ්පයෙන් තැම්බූ/ තම්බන ලද ) සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, (වාෂ්පයෙන් තැම්බූ/ තම්බන ලද ) සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් මෙම ගැසට් නිවේදනයෙන් දක්වා තිබේ.
එසේම කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් බවත් මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.