පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

    සැප්තැම්බර් 04, 2021

    ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

    ඒ අනුව, එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.

     

    ඒ අනුව, කොළඹ වරාය වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය රැගත් මෙම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya