පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ නියාමන අධිකාරියෙහි දත්ත මැකීයාම කොවිඩ් මර්දන ක්‍රියාවලියට බලපෑමක් නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

    සැප්තැම්බර් 04, 2021

    ඖෂධ නියාමන අධිකාරියෙහි දත්ත මැකීයාම සිද්ධියෙන් කොවිඩ් මර්දන ක්‍රියාවලියට බලපෑමක් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේය.

     

    ඔහු මේ බව සදහන් කළේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත කතාවේ ඇත්ත කතාව යන මැයින් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි දත්ත මැකීයාම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තමා ඇතුළු රජයේ මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා ඒහි ගිය බවද, එහිදී ආයතනයෙහි දත්ත පද්ධතිය විනාශ වීමකට ලක්වී ඇති නිසා ඒ සම්බන්ධව නිරීක්ෂණ කිහිපයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සදහන් කළේය.

    2017 වසරේදී ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණයකට ලක්කිරීමට පියවර ගෙන ඇති අතර, තොරතුරු මැකීයාමට අදාළව සිදුකළ සොයාබැලීමේදී දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැළකිල්ලක් දක්වා නොමැති බව මූලික වශයෙන් නිරීක්ෂණය කළ බවද ඔහු පැවසුවේය.

    මෙවැනි දත්ත ගබඩා කළ පසු එහි විකල්ප ඒනම් අතිරේක තොරතුරු ගොනුවක් Backup පවත්වාගෙන යාම අවශ්‍ය වුවද ඒ පිළිබදව ද ප්‍රමාණවත් සැළකිල්ලක් දක්වා නොමැති බවද අනාවරණය වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    කොවිඩ් මර්දන ක්‍රියාවලිය හා සම්බන්ධ තත්ත්වයන්ට මෙම දත්ත මැකීයාම අහිතකර ලෙස බලපාන යම් තැනක් ඇතිදැයි මෙහිදී විශේෂයෙන් විමර්ශනය කළ බවද, එහිදී කොවිඩ් මර්දනයට අදාළව ඖෂධ හෝ වෙනත් උපාංග ගෙන්වීමට හෝ නියාමනයට අදාළව කිසිදු කාර්යයභාරයක් මෙම තොරතුරු පද්ධතියට අදාළව සිදුවී නොමැති බවද එය manual එනම් අතින් සිදුකරන ලිපිගොනු ගණුදෙනුවක් වශයෙන් කටයුතු සිදුවී ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් වගකීමෙන් සහ පැහැදිළිව ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා පැවසුවේය.

    ඖෂධ නියාමන අධිකාරියෙහි සහ අදාළ වගකිවයුතු බලධාරීන් එකතුවී නැවත ප්‍රතිආවරණය කිරීමට ( Recover ) අදාළ වැඩපිළිවෙලක් සඳහා අවතීර්ණ වී ඇති බවද ඔහු සඳහන් කළේය.

    මෙහිදී සම්පූර්ණ දත්ත මැකීයාමක් සිදුනොවී ඇති අතර සිදුව ඇත්තේ ලිපිගොනු 5623ක දත්ත කොටසක් (supporting Documents) මැකීයාම පමණක් බවද, මෙය භාවිතා කරමින් විපක්ෂයේ ඇතමුන්දේශපාලන වාස් ලබාගනිමින් ජනපතිට සහ ආණ්ඩුවට මඩගැසීමේ ක්‍රියාවලියක් අරඹා ඇති නිසා මේ පිළිබදව විමර්ශනය කිරීමට අවතීර්ණ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා මෙහිදී අඳහස් දක්වමින් කියා සිටියේය.

    මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යන මහත්ම, මහත්මීහු සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya