ඒ අනුව Expo Lanka Holding PVT (LTD) ආයතනයේ පරිත්‍යාගයක් වන මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර මෙරට පිළිකාවට එරෙහි කණ්ඩායම ලෙස හැදින්වෙන (Fight Cancer Trust (Guarantee) සංවිධානය සමග එක්ව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත යන්ත්‍ර පරිත්‍යාග කළ අතර, එම එක් වෙන්ටිලේටර් යන්ත්‍රයක මිල රුපියල් 3,690,000.00 කි.
මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට Fight Cancer Trust (Guarantee) ආයතනය වෙනුවෙන් එහි සම සභාපතිවරුන් වන රුක්මන් වීරරත්න හා මෙහෙරාඡ් සාලි (Mr. Mehraj Sally) යන මහත්වරුන් ද, Expo Lanka Holding පෞද්ගලික ආයතනයේ සභාපති අබ්දුල් ලතීෆ් සජීත් ඉල්යාස් (Mr. Abdul Lathif Sajeeth Ilyas) මහතා ද එක්ව සිටියහ.
මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර 03 කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙහිදී සිදු කරන ලද අතර, එම උපකරණ බාර ගැනීම සදහා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික‍්‍රමසිංහ මහතා, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය මහත්මිය ද එක්ව සිටියාය.
ශ්වසන අපහසුතා ඇති රෝගී ප්‍රතිකාර සේවා සදහා නවීන තාක්ෂණයෙන් යුක්තව නිපදවා ඇති මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සේවා, දැඩ්සත්කාර සහ අධි සත්කාර සේවා සදහා ද යොදා ගත හැකි පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි යන්ත්‍රයකි.
කොවිඩ් වෛරසයේ ආරම්භයේ සිටම මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ජාතික හා අන්තර්ජාතික වශයෙන් මෙවැනි ප්‍රදානයන් රැසක් ලැබුණි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිම සදහා සිදු කරන මෙවැනි පරිත්‍යාග ඉතා අගය කොට සළකන බවයි. එමෙන්ම අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති රෝහල් වෙත මෙම යන්ත්‍ර ලබාදීම සදහා කටයුතු කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වන ලදි.
ෆයිට් පිළිකා කණ්ඩායමේ සම සභාපති මෙහෙරාඡ් සාලි මහතා මෙහිදී කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජිවිත ආරක්ෂා කිරීම අරමුණු කොටගෙන මෙම උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කළ බවත්, මෙරට ප්‍රධාන පෙළේ රෝහල් 20 ක් සදහා වෙන්ටිලේටර් යන්ත්‍ර ලබාදීම සිය සංවිධානයේ අරමුණ වූ බවත්, ඒ අනුව ඉදිරියේ දී තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 17 ක් මෙරට සෞඛ්‍ය සේවාවට ලබාදීමට අපේක්ෂා කරන බවත් කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, Fight Cancer Trust (Guarantee) ආයතනය වෙනුවෙන් නාරද හේරත්, මොහොමඩ් අශ්තාක් (Mr. Mohomad Ashtaaq), ඉන්ෆිෂ්හාම් (Mr. Infishaam) යන මහත්වරු සහ Expo Lanka Holding පෞද්ගලික ආයතනය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් හා ස්වාධීන රූපවාහිනි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෆයිනාස් ෆාෂි මහතා ද එක්ව සිටියහ.