ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් භාණ්ඩ තොග සඟවා ගෙන පසුව වැඩි මිලකට අලෙවි කිරීමට සැළසුම් කර තිබුණද රජය මැදිහත් වී ඒ සියලු සැළසුම් ව්‍යර්ථ කළ බවද ඒ මහතා පෙන්වා දේ.ඒ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන් පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කර තිබේ.
ශ්‍රී ලංකාව මේවන විට දැඩි මූල්‍යමය හිඟයකට මුහුණ දී ඇති බවට පළවන අන්තර්ජාතික මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජජ්‍ය අමාත්‍යවරයා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා අභියෝගයක් පැවතියද රටේ අනෙකුත් වාණීජ සහ කර්මාන්ත ක්‍රියාත්මක තත්වයේ පවතින නිසා ආර්ථීකය සමතුලිතව පවත්වා ගෙන යා හැකි බවද අවධාරණය කළේය.
මේ වන විට රජය මෝටර් රථ ඇතුලු ඇතැම් භාණ්ඩ ආනයනය තහනම් කර ඇති වුවද ගිලන්රථ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වාහන සඳහා අවසර ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ව්‍යාපර කටයුතු බා1දාවකින් තොරව පවත්වා ගෙන යාමට අවසර පවතින බවද ඔහු කියා සිටියේය.
පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු දේ ප්‍රමාණවත් පරිදි පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී සියයට 4.3 ක ආර්ථික වර්ධන වේගයක් පැවති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසංගත කාල සීමාවේදී අපේ රටේ පමණක් නොව සෙසු රටවල්වලද ආර්ථික වර්ධන වේගයේ යම් අඩුවීමක් පවතින බව කියා සිටියේය.රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව පවතින මූල්‍ය ගැටලුවලට සමබර විසඳුම් සොයන බවත් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඉදිරියේදී විනිමය අනුපාතය සහ පොළී අනුපතිකයන් යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.
කොවිඩ් පාලන කටයුතු සම්බන්ධයෙන්ද සාවද්‍ය පුවත් පළ වී ඇති බව පවසන කබ්රාල් මහතා සිට 99කටම මේ වන විට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව අවධාරණය කළේය.තවද ඉදිරි සතිය වන විට එන්නත් ලැබිය යුතු සියලු පුද්ගලයන්ට එන්නත් ලබා දී අවසන් කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.සෞඛ්‍ය අංශ ලබා දෙන සීමාවන්ට යටත්ව ඉතා ඉක්මනින් රට යථා තත්වයට පත් කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.ඇතැම් විදෙස් මාධ්‍ය පවසන ආකාරයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම මේ මොහොතේ අවශ්‍ය නොවන බව පවසන අමාත්‍යවරයා මේ මොහොතේ අවශ්‍ය කරන අවශ්‍යතාවන් හඳුනා ගෙන ඇති බවත් ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම බැංකු පද්ධතිය ,ආනයන අපනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබා ගෙන ඇති බවත් පැවසීය.
ආර්ථිකය ශක්තිමති කිරීම සඳහා මේ විට ගෙන ඇති සැළසුම් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැළසුම් සියල්ල සාර්ථක වනු ඇති බවට විශ්වාසය පළ කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය