කෝවිඩ් 19න් පීඩාවිදින ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට සහයෝගය දැක්වීම සදහා දෙස් විදෙස් දානපතීන් එක්ව සිටින අතර එහි තවත් පියවරක් ලෙස ඇමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයේ මූලිකත්වයෙන් රුපියල් මිලියන 2.3ක් වටිනා නවීනතම වෙන්ටිලේටර් යන්ත්‍රයක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.
විවිධ ශ්වසන අවශ්‍යතා සහිත වැඩිහිටි හා ළමා රෝගීන් සඳහා පුළුල් පරාසයක ප්‍රතිකාර කල හැකි ResMed Stellar 100 Type Ventilator යන්ත්‍රයක් මෙසේ පරිත්‍යාග කළ අතර මෙහි මූලිකත්වය ගනු ලැබුවේ අමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය පින්නගොඩ රාහුල හිමියන් විසින් වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ඇමෙරිකාවේ වෙසෙන ඉන්දික කන්නංගර මහතා විසින් සිදුකර ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ විදේශගත ශ්‍රී ලාංකික ජනතාව ඇතුළුව සියලු දානපතීන් ජාති, ආගම්, කුල, දේශපාලන භේදයකින් තොරව මේ මොහොතේ රටේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට දායකවීම අතිශයින් අගය කළ යුතු බවත් ව්‍යවසනකාරී, වසංගතකාරී තත්වයකදී රටට, ජනතාවට උදව් කිරීම රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ස්වභාවය වන බවයි. ඇමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයේ විහාරාධිපති පින්නගොඩ රාහුල හිමියන් ඇතුළු මෙම පරිත්‍යාගයට දායක වූ සැමට රජය වෙනුවෙන් තමන් ස්තූතිවන්ත වන බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.
මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා චාමර කන්නංගර සහ ආනන්ද ඉරුගල්බණ්ඩාර යන මහත්වරු සහභාගීවූ අතර පරිත්‍යාගය ලබාගැනීම සදහා කරාපිටිය රෝහල වෙනුවෙන් සෞඛ්‍ය කාර්ය මණඩල සාමාජික
එල්.පී.කේ.චමින්ද මහතා එක්විය.